බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් පාර, මැගසින් බන්ධනාගාරයේ පැති බැම්ම අසලදී අද (08) දින දහවල් බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර බන්ධනාගාරය තුළට පාර්සල් 02 ක් විසි කිරීමට උත්සහා කළ සැකකරුවන් දෙදෙනෙක් එම පාර්සල් 02 ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 29 වයසේ පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සැකකරුවන් සන්තකයේ තිබූ පාර්සල් 02 පරීක්ෂා කිරීමේදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 250 ක්, ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270 ක්, දුම්කොළ ග්‍රෑම් 250 ක්, ලයිටර් 10ක්, කුඩා ජංගම දුරකථන 02 ක්, දුරකථන චාජ 02ක්, කරාඹු ජෝඩු 02 ක් තිබී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.













