මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය 53% ඉක්මවයි – 2028 දී ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩවත – මීරිගම දක්වා කිලෝමීටර් 37ක මාර්ග කොටසෙහි ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්ෂණයට ප්‍රවාහන මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ඊයේ (07) පැමිණියා.

මේ වනවිට එම කොටසේ ඉදිකිරීම් කටයුතු 53% ඉක්මවා සිදුකර ඇති බවත්, මෙම ව්‍යාපෘතිය එළඹෙන 2028 වර්ෂයේදී සම්පූර්ණයෙන්ම අවසන් කළ හැකි බවයි ව්‍යාපෘතිභාර ඉංජිනේරුවරුන් මෙහිදී පවසා සිටියේ.

එමෙන්ම මෙම වසර අවසන්වීමට පෙර 65%ක ඉදිකිරීම් ප්‍රගතියක් ලබාගැනීමටත් 2027 වසර අවසන් වනවිට එම ප්‍රගතිය 95% දක්වා වර්ධනය කරගැනීමත් සැලසුම බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ප්‍රවේශ විය හැකි කඩවත පද්ධති අන්තර් හුවමාරුවේ ඉදිකිරීම් පිළිබඳව සොයාබැලීම සඳහා ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27