උසස් පෙළ සිසුන්ට විභාගයට යන්න සිසු සැරිය බස්

ලබන 10 වනදා ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ ගමන් පහසුව සඳහා දිවයින පුරා සිසු සැරිය බස් රථ සේවාව යොදවා ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ උදෑසන සහ පස්වරුවේ මෙම බස් රථ ධාවනය කෙරෙන බවයි.

ඒ, අනුව වෙනදා උදෑසන සිසු සැරිය බස් රථ සේවාව ආරම්භ කරන වේලාවටම විභාග කාල සීමාව තුළ ද බස් රථය ධාවනය කරන බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද (06) මධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ.

මේ අතර විභාගය පැවැත්වෙන කාලය තුළ දී සිසු සැරිය බස් රථ මඟින් විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට අමතරව ඔවුන්ගේ දෙමව්පියන්ට ද ගමන් පහසුව සලසා ගැනීමට අවස්ථාව ලබාදෙන බව ද ඔහු වැඩිදුරටත් අදහස් දවමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39