පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ හැටන් ලංගම ඩිපොවේ ලක්ෂ 33ක් වූ දෛනික ආදායම ලක්ෂ 10-12ත් දක්වා පහළ වැටී ඇති බව ඩිපෝ කළමණාකාරවරයා කියයි.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි අයහපත් කාලගුණය සහ ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනා ගමනයට බාධා ඇති වීමෙන් හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම රු.ලක්ෂ 33 සිට රු.ලක්ෂ 10-12ත් දක්වා පහළ බැස ඇති බව හැටන් ලංගම ඩිපොවේ කලමණාකරු පාලිත විරසූරිය පවසනවා.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ, සාමාන්‍ය දිනවල තම ඩිපෝව මගින් දුර සහ කෙටි දුර බස් රථ 75ක් ධාවනයට එක් කරන බවයි.
එම අවස්ථාවල මගීන් 18,000 – 26,000ක් පමණ තම ඩිපෝවේ බස් රථවල ගමන් කළ ද පවතින දැඩි වර්ෂාවත් සමග ගත වූ 03/04/05 යන තෙදින තුල දිනකට මගීන් 9218 – 10000ත් අතර ප්‍රමාණයක් ගමන් කිරිම නිසා මෙම ආදායම් තත්වය පහළ වැටී ඇති බවයි ඩිපෝ කලමණාකාරවරයා කියා සිටියේ.













