දෙමටගොඩ පොලිස් වසමේ කුප්පියාවත්ත ප්‍රදේශයේ දී පසුගිය ජුලි මස 23 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ඊයේ (05) ලේක්ඩ්‍රයිව් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 900 ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 23ක බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු මෙම අපරාධයේ යතුරුපැදිකරු ලෙස ක්‍රියා කර ඇති බවට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෙම සැකකරු සමඟ සිටි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි තවත් වයස අවුරුදු 24ක පුද්ගලයෙකු ද න් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුද මෙම අපරාධයට සම්බන්ධවී සිට ඇති ද යන්න සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.













