අන්තර්ජාලයේ ඔට්ටු ඇල්ලූ වෙබ් අඩවි 24ක් මෙරට තුළ තහනම් කරයි

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබා ගැනීමකින් තොරව නීති විරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වා ගෙන යනු ලබන වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (04) පියවර ගෙන තිබෙනවා.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act, No. 17 of 2025) ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම් දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබෙනවා.

සුදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සුදු සේවාවන් පවත්වා ගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීති විරෝධී ක්‍රියාවක්.

ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙතඅවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

Screenshot 2026 08 05 172937
Screenshot 2026 08 05 172946



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:23
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්න
02:24
Video thumbnail
ප්‍රා.මහ ලේකම් කාර්යාලය වටලපු වතු කම්කරුවන් - වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
06:48
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25