20 හැවිරිදි පාතාලයේ පොඩ්ඩෙක් මත්ද්‍රව්‍ය සහ කඩු, කිණිසි සමඟ මාට්ටු

බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේ දී වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක්, කඩුවක් හා කිණිස්සක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු අවුරුදු 20ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන අපරාධ කල්ලි සාමාජිකයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

මොහු මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට කඩු හා කිණිසි සහිතව බොරලැස්ගමුව වැව පාර ප්‍රදේශයේ නිවසක සූක්ෂම ලෙස සැලසුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් මීට පෙර සිදු කරන ලද පැහැර ගැනීම් පහරදීම් පුද්ගලයින් කපාකොටා බරපතල තුවාල සිදු කිරීම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයක නඩු ගනණාවක් පවතින බවටද අනාවරණය වී තිබෙනවා.

බොරලැස්ගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33