මොණරාගල සිට බදුල්ල දක්වා බීමත්ව පාසල් සිසුන් ප්‍රවාහනය කළ බව කියන පෞද්ගලික බස්රථ රියදුරෙකු අද (04) දින උදෑසන බදුල්ල මූලස්ථාන පොලිස් රථවාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරවිල, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම බස් රථය බදුල්ල නගරයේ පිහිටි පාසල් සදහා මොණරාගල, බඩල්කුඹුර යන ප්‍රදේශවල සිට පාසල් ළමුන් සහ ගුරුවරුන් ප්‍රවාහනය කරනු ලබන සිසුසැරිය බස් රථයක් බවද පොලිසිය සඳහන් කළා.
බදුල්ල, පස්සර මාර්ගයේ උඩවෙල විද්‍යාලය ආසන්නයේ දි මාර්ගයේ අපරික්ෂාරී ලෙස ධාවනය කරමින් තිබු බස් රථය පොලිස් නිලධාරින් විසින් නතර කොට පරික්ෂා කිරීමේදි රියදුරු බිමත්ව සිටින බව තහවුරු වීමෙන් පසුව එම අවස්ථාවේදි ඔහු අත්අඩංගුවට ගත් බවත් ඒ වනවිට බස්රථය තුළ පාසල් සිසු සිසුවියන් හා ගුරුවරුන් 40 දෙනෙක් පමණ සිට ඇති බවත් පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් රියදුරු බීමත්ව රිය පැදවීම හා අන්තරාදායක ලෙස රිය ධාවනය ඇතුළු චෝදනාවන් යටතේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සදහන් කළා.













