යතුරුපැදි අනතුරින් පසු කන්ටේනර් රථයට ගිනි තැබූ බවට සැක 12 දෙනාට ඇප

පසුගිය 30 වැනි දින අලුයම් කාලයේ මීගමුව, බෝලවලාන-කදිරාන ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදි 02 ක කන්ටේනර් රථයක් ගැටි තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබුණා.

අනතුරෙන් පසුව එම අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයට පිරිසක් විසින් ගිනි තබා අලාභ හානි සිදුකර තිබෙනවා .

එලෙස එම කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානී සිදු කළ කළ බවට චෝදනා ලත් සැකකරුවන් 12 දෙනෙක් කටාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (03) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල ඉදිරියේ පවත්වන ලද පෙරට්ටුවේදී සාක්ෂිකරු විසින් කිසිදු සැකකරුවෙක් හඳුනා ගෙන නැහැ.

මෙම සිද්ධියට සම්බන්ධව සැකකරුවන් 03 නෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් 09 දෙනෙකු ඇතුළු සැකකරුවන් 12 දෙනකු මෙම පෙරට්ටුවට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව,මෙම සැකකරුවන් 12 දෙනා මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය වෙත ඉදිරිපත් කළ පසු අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් එක් කණ්ඩායමකට සැකකරුවන් 04 දෙනා බැගින්, පෙරට්ටු 03ක් පවත්වන ලෙසට නියෝග කළා.

මෙම පෙරට්ටුවේදී හඳුනා ගැනීම සඳහා සාක්ෂිකරුවන් 02නෙක් කටාන පොලිසිය විසින් නම් කළ අතර එහෙත් මෙම අවස්ථාවේ පෙරට්ටුවට ඉදිරිපත් වූයේ එක් සාක්ෂිකරුවකු පමණයි.

එම සාක්ෂිකරු විසින් සැකකරුවන් 12 දෙනාගෙන් එක් අයකු හෝ මෙම පෙරට්ටුවේදී හඳුනා ගෙන තිබුණේ නැහැ.

පසුව මෙම සැකකරුවන් 12 දෙනා කටාන පොලිසිය විසින් මීගමුව, අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර වෙත විවෘත අධිකරණයේදී ඉදිරිපත් කළ අතර එහිදී සියලු කරුණු සලකා බලා එක් අයෙක්ට රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02ක් මත, සැකකරුවන් 12 දෙනාව ඇප මත මුදා හැරීමට නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43