මහර බන්ධනාගාර තුළ ඇති වූ නොසන්සුකාරී තත්ත්වයත් සමඟ බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් කැඳවා තිබූ යුද හමුදා සන්නද්ධ රථ මේ වනවිට බන්ධනාගාරයෙන් පිටව යන බව ‘දසත නිවුස්’ මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළා.
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුකාරී තත්ත්වයත් සමඟ ඊයේ (01) රාත්‍රී 10.00ට පමණ එහි ආරක්ෂාව වෙනුවෙන් මෙම හමුදා සන්නද්ධ රථ කැඳවීමට පියවර ගෙන තිබුණා.
මේ අතර මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළා.
අද (02) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.













