ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට සියලුම ආහාර සහ පාන වර්ග සඳහා පරිභෝජන බදු අනුපාතය 1% දක්වා අඩු කිරීමට ජපාන අගමැති සනායි ටකයිචි සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනතාවට සහන සැලසීමේ අරමුණින් ආහාර සහ පාන වර්ග සඳහා පවතින 8%ක පරිභෝජන බදු අනුපාතය 1% දක්වා වසර දෙකක කාලයක් සඳහා මෙලෙස අඩු කිරීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
අද (30) පැවති ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විධායක නිලධාරීන්ගේ අසාමාන්‍ය රැස්වීමක අග්‍රාමාත්‍යවරිය එම සැලැස්ම ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
පරිභෝජන බදු නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර පිළිබඳව අගෝස්තු මස මුල වන විට රජය එකඟතාවයකට පැමිණීමේ අරමුණින්, පළමුව අභ්‍යන්තර පක්ෂ එකඟතාවයක් ගොඩනඟා ගන්නා ලෙස අගමැතිනිය පක්ෂ නායකයින්ට උපදෙස් දී තිබෙනවා.













