බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට (31) දිනයේ මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, උතුරු, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මි. 40-50 ක පමණ තද සුළං ඇති විය හැකියි.













