මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් එළඹෙන ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.
මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධියට අදාළ සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බණ්ඩාර ගනේගොඩ යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.
මෙම සිද්ධියට අදාළව විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත්, මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පෙර නඩු දිනයේ දී අධිකරණයට දන්වා තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස 29 වනදා ඉදිරිපත් කරන ලෙස නියම කළා.
මිලියන 15 මුදලක් සාපරාදී සාවද්‍ය පරණ හරණය කර මුදල් විශුද්ධිකරණය කළ බව සඳහන් කරමින් 2015/7/28 දූෂණ විරෝධි හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කෙරුණා.













