විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනාවක් සම්මත කරගනී (වීඩියෝ)

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

ඒ අද (29) පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමේ දීයි.

අද (29) උදෑසන පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සඳහන් කළේ නීතිඥවරු සියලුදෙනාම අත් ඔසවමින් ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට විරෝධය දැක්වූ බවයි.

ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ මෙම යෝජනාවට විනිසුරුවරුන් පවා විරෝධය දක්වන බව සඳහන් කර සිටි ඔහු අද දින පැමිණි සහ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ සියලු නීතිඥයින් මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළ බව සඳහන් කර සිටියා.

ආණ්ඩුවේ මෙම තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් බවත් ඒ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මේ අතර මාස දෙකක පමණ සිට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම යෝජනාවට විරෝධය පළ කල ද ආණ්ඩුව මේ පිළිබඳ සාකච්ඡා කිරීමට තවමත් අවස්ථාවක් නොදුන් බවද ඔහු සඳහන් කළ අතර, අද (29) පස්වරු 5ට අධිකරණ අමාත්‍යවරයා හමුවීමට නියමිත බවද එම සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර - "දිව්‍යලෝකෙන් ආ දෙවිවරුන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්"
02:28
Video thumbnail
CIDය ඉස්සරහා ලාල් යකා නටයි - නිකන් ඇවිල්ලා කාලය කන්න එපා
07:31
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධවෙන හැමෝම එකෝ සැකපිට නැත්තම් ඇපපිට - ජනපති අධිකරණයට අල්ලස් දෙනවා ?
11:02
Video thumbnail
අධිකරණයට බලපෑමක් වෙන්නේ නෑ - ඒක බොරු කතාවක්
05:05
Video thumbnail
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි..රජය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ මට
01:41
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35