ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට ඇප

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදාහැරීමට අධිරණය අද (27) නියෝග කළා.

ඒ, සැකකරුවන් අද දිනයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේ සැකකරුවන් පස්දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 200 බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ, හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර, අජිත් ප්‍රියන්ත, දුෂාන් ශ්‍යාමල්, ප්‍රමිල් කුසල් ගුණදාස සහ වැන් කුයින් යන සැකකරුවන් පස්දෙනායි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව මෙම සැකකරුගේ දුරකථන වාර්තා, බැංකු වාර්තා සහ ක්‍රිප්ටෝ කරන්සි හරහා මීට පෙර වෙනත් ගනුදෙනු සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, මෙම වංචාවට යොදා ගන්නා ලද වාහනය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted