”නව මාවතකට රට යොමු කිරීම” යනු’ දේශපාලනික වශයෙන් කල් ඉකුත් වූ යල්පැන ගිය කාරණාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කාර තිබූ දේශපාලන කතිකාවතක දී අදහස් දක්වමින්.
මෙරට බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම නව මාවතකට රට යොමු කිරීමේ අවශ්‍යතාවය මතුකර බලයට පත්වුව ද එය සැබෑ වශයෙන්ම බිම්මට්ටේ ප්‍රයෝගිකව සිදුවනවාද නද්ඩ් කියනන් සම්බධයෙන් ගැටළුවක් පවතින බව නාමල් රාජපක්ෂ එහිදී කියා සිටියා.
කෙසේ වෙතත් 2005 – 2015 කාල සීමාව තුළ නව මාවතකට රට යොමු කිරීම ප්‍රයෝගිව බිම් මට්ටමේ සිදු වූ බවට මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
”නව මාවතකට රට යොමු කිරීම කියන කාරණාව, 2005 – 2015 කාල සීමාව තුළ බිම් මට්ටමේ ප්‍රයෝගිකව යථාර්තයක් බවට පත් වුණා” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළා.













