උද්ඝෝෂකයින්ට ප්‍රහාරයක්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක් සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අතර අද (27) වීරගොල්ල ප්‍රදේශයේදී නොසන්සුන් තත්ත්වයක් හටගත් අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබුණි.

ඒ ප්‍රමිතියෙන් තොර මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණයක් මුල්කර ගනිමිනි.

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පින්නගොල්ල සිට වීරගොල්ල ගම්මානය හරහා ඉදිවෙන එම මාර්ගය කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම සිදුකර ඇතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් එම විරෝධතාව පවත්වා තිබුණි.

විරෝධතාවය අතරතුර රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමෙන් පසු එම උණුසුම් තත්ත්වය ඇතිවිය.

පසුව පොලීසිය මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කර තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40