ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්රීවරයෙක් ඇතුළු පිරිසක් සහ රිදීමාලියද්ද ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අතර අද (27) වීරගොල්ල ප්රදේශයේදී නොසන්සුන් තත්ත්වයක් හටගත් අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබුණි.
ඒ ප්රමිතියෙන් තොර මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණයක් මුල්කර ගනිමිනි.
බදුල්ල දිස්ත්රික්කයේ රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පින්නගොල්ල සිට වීරගොල්ල ගම්මානය හරහා ඉදිවෙන එම මාර්ගය කිසිදු ප්රමිතියකින් තොරව ඉදිකිරීම සිදුකර ඇතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්රීවරයෙකු ඇතුළු ප්රදේශවාසින් පිරිසක් එම විරෝධතාව පවත්වා තිබුණි.
විරෝධතාවය අතරතුර රිදීමාලියද්ද ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමෙන් පසු එම උණුසුම් තත්ත්වය ඇතිවිය.
පසුව පොලීසිය මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කර තිබුණි.






