ජාතික සුපිළිපන් සතිය ජුලි 27 සිට 31 දක්වා

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන, ̎සුපිළිපන් සංස්කෘතියක් – ක්‍ලීන් ශ්‍රී ලංකාව ජාතික මෙහෙයුම” ක්‍රියාත්මක කිරීමට ජුලි 27-31 සුපිළිපන් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරිම සඳහා සියලුම රාජ්‍ය ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන පරිදි එම සතියේ සිට ඉදිරියට මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක විය යුතුයි.

පුරවැසි ආචාරධාර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම මෙම ජාතික සුපිළිපන් සතියෙන් ආරම්භ වනවා.

සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය කාර්යක්ෂමතාවය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර එම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

පෞද්ගලික ලාභයන් නොතකා පොදු මහජන යහපතට නිරන්තරයෙන් ප්‍රමුඛතාවය දෙමින් ආචාරධාර්මික වටිනාකම් සහ ‍ප්‍රතිපත්තිමය ප්‍රමිතීන් සමග ඒකාබද්ධ වෙමින් ස්වයං පාලනයකින් යුතුව ප්‍රියමනාප සේවයක් සපයන සුපිළිපන්න රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි අරමුණ වනවා.

සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක්, මානව ගරුත්වයෙන් පිරි සුපිළිපන් සමාජයක්, සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක්, සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියක් යන තේමා ඔස්සේ මෙම වැඩසටහන සුපිළිපන් සතිය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40