ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා

ගර්භනී මව්වරුන් 200 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.

එසේම, දරුවන් ප්‍රසූත කළ කොරෝනා ආසාදිත මව්වරුන් 25 දෙනෙකු පමණද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඇය කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළේ ගර්භනී මව්වරුන් අත්‍යවශ්‍යම කාරණයකට හැර වෙනත් කරුණකට නිවසින් පිටතට යෑම සිදුනොකළ යුතු බවයි.

මේ අතර, පසුගිය 25 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද පස්වරුවේ තහවුරු කළා.

ඉන් 18 දෙනෙකු කාන්තාවන් වන අතර, අනෙක් 25 දෙනා පිරිමි පුද්ගලයන් වනවා.

එම පිරිස අතුරින් 35 ක්ම අවුරුදු 60 ඉක්මවූවන්. වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගල මරණයක් වාර්තා වන අතර, අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 07 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙම මරණ 43 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 2,905 ක්.

අද දිනයේදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 2,172 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 16,840 ක්.

මේ අතර පේරාදෙණිය – මුරුතලාව – ඉලු‍ක්තැන්න ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකු කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූ සිද්ධියක් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදි පියා, 70 හැවිරිදි මව සහ 38 හැවිරිදි පුත්‍රයායි.

පේරාදෙණිය මුරුතලාව මහජන සෞඛ්‍ය පරික්‍ෂක කපිල වික්‍රමනායක පැවසුවේ පියා පසුගිය 03 වැනිදාත්, මව පසුගිය 14 වැනිදාත් සහ පුත්‍රයා පසුගිය 23 වැනිදාත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව මේ වනවිට කොරෝනා එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයින් විසිපන් ලක්ෂ 43,022 දෙනෙකු ලබාගෙන තිබෙනවා. මෙරට තුළ කොරෝනා එන්නත්වල දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව අටලක්ෂ 74,975ක්.

මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් පරීක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් එක්ව සිදුකළ පරීක්ෂණයකින් මෙරට වවුලන්ගේ ශරීරය තුළ කොරෝනා වෛරසය පවතින බවට සිදුකළ සොයාගැනීම සම්බන්ධයෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා.

එහි ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ කියා සිටියේ සතුන්ගෙන් මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බවට කිසිදු වාර්තා වීමක් සිදුව නොමැති බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42