සරසවි ඇඳුරන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට – A/L පිළිතුරු පත්‍ර ඇගයීම ගැනත් රතු එළි

අධ්‍යාපන පද්ධතිය තුළ තමන් මුහුණ දෙන පරිපාලනය විවිධ ගැටළු මූලික කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයින් පවසනවා.

වැටුප් වර්ධනය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පවතින හිඟය, විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින පහසුකම් අවම වීම සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් පාසල් වෙත ඇතුළත් කිරීමේ දී පැන නඟින ගැටළු ඇතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයක් ඉලක්ක කර ගනිමින් රජයත් සමඟ දිගින් දිගටම සාකච්ඡා සිදු කළ ද එම ඉල්ලීම් සඳහා සාධනීය ප්‍රතිචාර හිමි නොවීම මත මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දැනුම් දෙනවා.

ඒ අනුව දැනට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් සිදු කරගෙන යනු ලබන විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණය, ගුරු පුහුණුව ඇතුළු සියලුම අධ්‍යාපන ස්වේච්ඡා වැඩ කටයුතුවලින් ඉවත් වීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබෙනවා.

එමෙන්ම සති දෙකක කාලයක් ඇතුළත නිසි ප්‍රතිචාරයක් නොලැබුනහොත් ඉදිරියේ දී පැවැත්වෙන උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම්වලිනුත් ඉවත් වීම සම්බන්ධයෙන් ද සලකා බලන බව එම විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය රජයට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි නාමල් වෙනුවෙන් කිව්ව කවිය - ඔහු බය නෑ රට කරනා හිවලුන්ට
01:19
Video thumbnail
දුමින්ද, රත්තරන් තුවක්කු නඩුවට ගල්කිස්ස අධිකරණයට ඇවිත් අමුතු හිනාවක් දාලා කිව්ව දේ
02:14
Video thumbnail
දැන් වැනි වැනි ඉන්න කාලයක් නෑ - නාමල් ප්‍රමුඛ අලුත් ආණ්ඩුවක් හදන්න කාලය හරි
11:59
Video thumbnail
මහමෝදර රෝහලේ වටිනාකම දන්නේ නැති අය බන්ධනාගාරයක් කරනවා..විශාල ආදායමක් රටට ගෙන්න තිබුණා
04:17
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - Rebuilding Sri Lanka කියලා අරමුදලක් නෑනේ
07:37
Video thumbnail
මීගමු සිද්ධියේ සැඟවිච්ච රහසක් ?නාමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - IRC පාට් එකෙන් දුවන්න හදන්නේ
10:36
Video thumbnail
කෝට්ටේට ගිහින් ආණ්ඩුවට කට උත්තර නැති කළ නාමල් - ආණ්ඩුව බලයට ආවේ අමු පච ගහලා
06:09
Video thumbnail
මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා මුහුදේ මි#ගොස් සිටියදී ධීවරයන්ට හමුවෙලා - අරල්ලි මුහුද සසල කළ ඉරණම
01:13
Video thumbnail
ඩෙංගු රෝගය පාලනය ගැන ඇමති නලින්දගෙන් පිළිතුරු - සති කිහිපයකින් මේක පාලනය කරනවා?
03:47
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාව එළියට..සියල්ල හර්ෂ හෙළිකරයි - සුදුසු ක්‍රියාමාර්ග ගන්න
06:57