නුවරඑළිය පොලිස් ස්ථානයට යාබදව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික වෙළදාම් සිදු කිරීම සඳහා නුවරඑළිය නගරාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් විශේෂ අවසරනයක් යටතේ ලබා දී තිබූ සහන කාලය අදින් අවසන් කරන බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර පවසනවා.
ඒ අනුව පෙර පරිදි අනවසර වීදි හා පදික වෙළදාම් සියල්ල ඉවත් කිරීමට කිසිඳු බාධාවකින් තොරව කටයුතු කිරීමට හැකියාව ලැබෙන බව නගරාධිපතිවරයා එහිදී සඳහන් කළා.
මෙලෙස පදික වේදිකා වෙළදාම් ඉවත් කිරීමෙන් අගතියට පත් වන වෙළදුන් වෙනුවෙන් ඉදිරියේදී සුදුසු තැනක් ලබා දීමට හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ලබා ගැනීමට කටයුතු කල යුතු බව නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා විසින් නුවරඑළිය මහ නගර සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.













