එළියට සම්භාහන පෙන්වා ඇතුළේ ගණිකා සේවය සපයලා – බොරලැස්ගමුවේ ගණිකා නිවාසයකට පොලීසියෙන් පනී

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් විදෙස් කාන්තාවන් සහ මෙරට කාන්තාවන් යොදාගෙන පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

බොරලැස්ගමුව, දිවුල්පිටිය ප්‍රදේශයේ පවතවාගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසය ඊයේ (07) රාත්‍රියේ වටලා ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකරුවෙකු සහ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වන මකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු එක් සැකකාරියක් වයස අවුරුදු 34ක් වන තායිලන්ත ජාතික කාන්තාවක් වන අතර,
අනෙක් සැකකාරියන් දෙදෙනා අවුරුදු 33 සහ 36 වයස්වල පසුවන බොරලැස්ගමුව හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

බොරලැස්ගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
00:00
Video thumbnail
මීගමුව ගැටුමෙන් ජීවිතය අහිමි වුණු නිලධාරීන් දේහය වැලිකඩට
03:13
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19