පාපන්දු පිටියේ සුපිරි තරුව CR7 කඳුළු සලමින් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

පාපන්දු ලෝකයට පෘතුගාලයෙන් බිහි වූ සුපිරි තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගත්තා.

ඒ, මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 16දෙනාගේ තරග වටයේ ස්පාඤ්ඤය සමඟ අද පැවති තරගයෙන් පරාජයට පත්ව පෘතුගාලයට මෙවර ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමත් සමඟයි.

ඇමරිකාවේ ආර්ලිංටන් හි ඩලස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී ස්පාඤ්ඤය ඉදිරියේ ගෝල එකට බින්දුවක් ලෙස පරාජයට පත් වන්නට පෘතුගාලයට සිදු වුණා.

මෙම පරාජයෙන් පසු පාපන්දු ලෝක කුසලාන හයකට සභාගී වී එහෙත් පාපන්දු ලෝක කුසලානයක් පෘතුගාලයට දිනාදීමට නොහැකිව 41 වැනි වියේ පසුවන රොනාල්ඩෝ කඳුළු සලමින් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගත්තා.

කෙසේ වෙතත් කුසලාන තරඟාවලි 06කදී ගෝල ලබාගත් එකම ක්‍රීඩකයා වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යනතර පාපන්දු පිටිය තුළ ලබාගත් ජයග්‍රහණ රැසක්වනවා.

චැම්පියන්ස් ලීග් කුසලාන 05ක්, 2016 යුරෝ කුසලානය ජයග්‍රහණය මෙන්ම බැලන්ඩෝර් සම්මාන 05ක් ඔහුගේ නම ඉදිරියේ ලිය වී විශිෂ්ඨ වූ ජයග්‍රහණ සහ සම්මාන කිහිපයක්.

මෙවර පාපන්දු ලෝක කුසලානයට පෙර ඔහු නිවේදනය කර තිබුණේ 2026 පාපන්දු ලෝක කුසලානය ඔහුගේ අවසන් ජාත්‍යන්තර රංගනය බවයි.

වාසනාවන්ත අංක 07 ජර්සියේ හිමිකරුවා වන CR7 හෙවත් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ පාපන්දු පිටිය තුළ ගෝල 976ක් රැස්කරගෙන අද දිනයේ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන ගියේ වාර්තා රැසක් සිය නම ඉදිරියේ ලියා තබමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04