මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට විශේෂ කමිටුවක්

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) දහවල් ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනාරාල්වරයා විසිනුයි අදාළ කමිටුවක් පත් කර ඇත්තේ.

ඊයේ (05) දහවල් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් 34 දෙනෙකු තුවාල ලබා මීගමුව රෝහල වෙත ඇතුලත් කරනු ලැබුවා.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි රැඳවියන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ තොරතුරු පාවාදීමේ සිද්ධියක් මුල් කරගනිමින් රැඳවියන් දෙපිරිසක් අතර මෙම ගැටුම් හටගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වුණේ.

බන්ධනාගාරයේ රඳවා සිටින සුරේෂ් පුෂ්පකුමාර නැමැති රැඳවියෙකු මෙම ගැටුමට මුල්වී ඇති බවයි පසුව තොරතුරු හෙළිවුණේ.

බන්ධනාගාරය තුළ ඇති වූ මෙම උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදවා තිබූ අතර, ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted