නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය; දයාසිරිගේ අභියාචනය සැප්තැම්බර් 18 කැඳවන ලෙස නියෝග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 18 වනදා කැඳවන ලෙස බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (30) නියෝග කළා.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී දෙපාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

දයාසිරි ජයසේකර සිය අභියාචනය තුළින් කියා සිටින්නේ තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ලෙස ඉල්ලා ගොනු කළ ඉල්ලීමක් විභාග කළ කොළඹ දිසා අධිකරණය එම ඉල්ලීම අදාළ නඩුවේ අවසානාත්මක නියෝගය හා සම්බන්ධ බැවින් ඊට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකළ බවයි.

කොළඹ දිසා අධිකරණයේ එම තීරණය අභියෝගයට ලක් කරමින් දයාසිරි ජයසේකර විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කළ අතර, තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන ලෙසත් ඊට බාධා පැමිණවීම වළක්වමින් එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම අභියාචනය තුළින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ගල් අඟුරු කොමිසමට එයි
02:12
Video thumbnail
නාමල්, ගොවීන්ට පොරොන්දුවක් දෙයි
04:25
Video thumbnail
අනතුරුවලට සෘජුවම බලපාන නඩුවලට ආයේ දඩ කොල නෑ - තුන්වරක් වැරදි වුණොත් රියදුරු බලපත්‍රය අවලංගුයි ?
06:48
Video thumbnail
කඩුවෙල නගරාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක් මහ පාරට කඩා වැටෙයි
02:13
Video thumbnail
ගොවියා රජා නෙමෙයි - ලාල් කාන්ත සැරටම කියයි
08:29
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට පොලිසියෙන් දුන්න සව් දන්සැල - විශාල පිරිසක් දන්සැල වෙත පැමිණෙයි
01:58
Video thumbnail
නැතිවුණු ඩොලර් මිලියන 2.5 නැවත ජනතාවගේ අය කරගන්නවා..?
10:34
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09