ලෝක කුසලාන පාපන්දු තරගවල අඛණ්ඩව ගෝල 07ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී අද (28) සමත් වුණා.
ඒ, මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජොර්දානය සහ ආර්ජන්ටිනාව අතර තරගයේ දී ගෝලයක් වාර්තා කිරීමට ඔහු සමත්වීමත් සමඟයි.
ජොර්දානය සමඟ පැවැති තරගයේ 80 වන මිනිත්තුවේ දී මෙසී මෙම ගෝලය වාර්තා කළා.
මෙසී අඛණ්ඩව රැස්කළ ගෝල හතත් සමඟ 1958 වසරේ දී ප්‍රංශය වෙනුවෙන් ෆොන්ටේන් සහ 1970 වසරේ දී බ්‍රසීලය වෙනුවෙන් ජයිර්සින්හෝ අඛණ්ඩව රැස් කර තිබූ ගෝල 06ක වාර්තාව බිඳ දැමීමට ඔහුට හැකියාව ලැබුණා.
මේ අතර මෙසී අද වාර්තා කළ ගෝලයත් සමඟ ලෝක කුසලාන පාපන්දු පිටියේ රැස්කළ ගෝල සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා.
මෙසී මේ වනවිට වාර්තා අතර පසුවන්නේ ලෝක කුසලාන පාපන්දු පිටියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි.













