පන්නල ඉරබඩගම ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් පවත්වා ගෙන ගිය මහා පරිමාණයේ සැමන් ජාවාරම පාරිභෝගික කටයුතු අධිකාරිය අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය විසින් හදිසි වැටලීමකට ලක්කර තිබුණා.
ඒ අනුව එම අධිකාරිය විසින් සිය භාරයට ගත් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුතු සැමන් ටින් තොගය සහ එම සැකකරුවන් අද (26) දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ ඉදිරියේ සැකකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ හතර හමාරක දඩයක් නියම කළා.
එමෙන්ම රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුතු සැමන් තොගය විනාශ කරන ලෙස මහේස්ට්‍රත්වරයා විසින් නියෝග කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1













