FIFA 2026 පාපන්දු ලෝක කුසලානය මේ දිනවල අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල දී ඉතාමත් උණුසුම් අන්දමින් පැවැත්වෙනවා.
කෙසේ වෙතත් පාපන්දු ලෝක කුසලානයට සහභාගි වී සිටින ඉරාන ජාතික කණ්ඩායමට ලෝක කුසලානයේ දී අසාධාරණ තරඟ කාලසටහන් වෙනත් සංචාරක සංචාරක සීමාවන් මුහුණ දී ඇති බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල වුණා.
මේ අතර ඉරාන ඉදිරිපෙළ ක්‍රීඩක මෙහ්ඩි ටරේමි සහ සහකාර පුහුණුකරු සයීඩ් අල්හෝයිව අමෙරිකාවේ නිලධාරීන් විසින් ගැටළුකාරී තත්ත්වයකට ඇදදැමූ බවත් ඊජිප්තුවට එරෙහි තරඟය සඳහා සියැටල් වෙත පිටත්ව ගිය කණ්ඩායමට ඒ තත්ත්වය මත ප්‍රමාද වූ බවත් ඉරාන පාපන්දු සම්මේලනය ඊයේ (25) නිවේදනය කළා.
මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විදෙස් ක්‍රීඩා මාධ්‍ය තුළ මෙන්ම පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ද විශාල කතාබහක් නිර්මාණය වූ අතර, ඉරානයේ මීලග තරගයේ ප්‍රතිවාදී කණ්ඩායම වන ඊජිප්තු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විසින් ද මේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
එහිදී ඊජිප්තු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හොසාම් හසන් පවසා ඇත්තේ FIFA ලෝක කුසලානයේ සියලුම කණ්ඩායම්වලට එක හා සමානව සැලකිය යුතු බවයි.
මීලග ප්‍රතිවාදියා වන ඉරාන කණ්ඩායමට පණිවිඩයක් තිබේදැයි විදෙස් මාධ්‍යවලින් විමසූ විට, ඔහු ඊයේ කියා තිබුණේ “ලෝක කුසලානයට සහභාගී වීමට අයිතියක් ඇති සියලුම කණ්ඩායම් කෙරෙහි තමා ගරු කරන” බවටයි.













