වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පා දෙකකින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 235ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බී.බී.සී පුවත් සේවය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් 1,500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර , සුන්බුන් අතර ඉරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බවයි.
වෙනිසියුලාවේ ජාතික නිවාඩු දිනයක් වන බදාදා දිනයේ රාත්‍රියේ සිදුවූ රික්ටර් මාපක 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පනවලින් අනතුරුව, පසුකම්පන 138ක් වාර්තා වී තිබෙනවා.
මෙම දරුණු ඛේදවාචකයෙන් අනතුරුව එරට අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් විසින් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එමෙන්ම හානි වූ නිවාස සහ රෝහල් නැවත ගොඩනැගීම ඇතුළු හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක විශේෂ අරමුදලක් පිහිටුවීමට වෙනිසියුලා රජය තීරණය කර තිබෙනවා.













