2027 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන මෙම චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශය දැනුම් දෙනවා.