දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීමට රජය සැරසෙයි

නවීන හා තිරසර දුම්රිය ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්, නව දුම්රිය මාර්ග ඉදිකිරීම්, ද්විත්ව මාර්ග ඉදි කිරීම, සංඥා පද්ධති වැඩි දියුණු කිරීම සහ දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීම කේන්ද්‍ර කරගත් දුම්රිය සංවර්ධන වැඩසටහන් කිහිපයක් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රවාහන ධාරිතාව වැඩි දියුණු කිරීම්, ගමන් කාලය අඩු කිරීම සහ පරිසර හිතකාමී හා තිරසර මහජන ප්‍රවාහන සේවාවකට සහාය වීමේ අරමුණින් අධික මගී ඝනත්වයක් පවතින කොරිඩෝවන්හි දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීමට හඳුනාගනු ලැබ තිබෙනවා.

එම සංවර්ධන කටයුතු රටේ දිගුකාලීන ප්‍රවාහන නවීකරණ උපාය මාර්ගයේ කොටසක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන ආයතනවල සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

ඒ, අනුව පහත සඳහන් දුම්රිය මාර්ග විද්‍යුත්කරණය සහිතව ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.

ප්‍රධාන මාර්ගය – ගම්පහ, වේයන්ගොඩ, මීරිගම සහ පොල්ගහවෙල යන දුම්රිය ස්ථාන ගොඩනැගිලි සංර්වර්ධනය ද ඇතුළුව මරදාන සිට රාගම දක්වා දුම්රිය මාර්ගය.

කැලණි වැලි මාර්ගය – මරදාන සිට මාකුඹුර දක්වා දුම්රිය මාර්ගය.

මුහුදුබඩ මාර්ගය – මරදාන සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02