ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කයිලියන් එම්බැපේ, පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩක ලැයිස්තුවේ දෙවන තැනට අද පැමිණියා.
කයිලියන් එම්බැපේ මේ වනවිට ලෝක කුසලාන තුනක දී තරග 16කට ක්‍රීඩා කරමින් ගෝල 16ක් වාර්තා කර තිබෙනවා.
ප්‍රංශය සහ ඉරාකය අතර අද (23) පැවති තරගයේ දී ගෝල 02ක් වාර්තා කළ එම්බැපේ, පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ
වැඩිම ගෝල රැස්කළ දෙවන ක්‍රීඩකයා බවට පත් වුණා.
මේ අතර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ‘සර්වකාලීන වැඩිම ගෝල ලාභියා’ ලෙස අභිෂේක ලබන්නට ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසීට අද හැකියාව ලැබුනේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාස තුළ ගෝල 18ක් වාර්තා කරමින්.
මේ අතර පාපන්දු කුසලාන තරගාවලියේ ‘I’ කාණ්ඩය යටතේ අද (23) පැවති මූලික වටයේ තරගයකින් ඉරාක කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා.
මෙම තරගයේ දී ප්‍රංශය වෙනුවෙන් කයිලියන් එම්බැපේ තරගයේ 14 වැනි සහ 54 වැනි මිනිත්තුවලදී ගෝල දෙකක් වාර්තා කළ අතර, ප්‍රංශය වෙනුවෙන් රැස් කළ තුන්වන ගෝලය උස්මාන් ඩෙම්බේලේ, තරගයේ 66 වන මිනිත්තුවේ දී වාර්තා කළා.
ඉරාකය පරදා ලැබූ මෙම ජයත් සමඟ ‘I’ කාණ්ඩයෙන් සුපිරි 32 දෙනාගේ වටයට පිවිසීමේ වැඩි අවස්ථාවක් ප්‍රංශයට මේ වනවිට හිමිව ඇත්තේ එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින්.













