කයිලියන් එම්බැපේ FIFA ලෝක කුසලාන ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැන්නා වෙයි

ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කයිලියන් එම්බැපේ, පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩක ලැයිස්තුවේ දෙවන තැනට අද පැමිණියා.

කයිලියන් එම්බැපේ මේ වනවිට ලෝක කුසලාන තුනක දී තරග 16කට ක්‍රීඩා කරමින් ගෝල 16ක් වාර්තා කර තිබෙනවා.

ප්‍රංශය සහ ඉරාකය අතර අද (23) පැවති තරගයේ දී ගෝල 02ක් වාර්තා කළ එම්බැපේ, පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ
වැඩිම ගෝල රැස්කළ දෙවන ක්‍රීඩකයා බවට පත් වුණා.

මේ අතර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ‘සර්වකාලීන වැඩිම ගෝල ලාභියා’ ලෙස අභිෂේක ලබන්නට ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසීට අද හැකියාව ලැබුනේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාස තුළ ගෝල 18ක් වාර්තා කරමින්.

මේ අතර පාපන්දු කුසලාන තරගාවලියේ ‘I’ කාණ්ඩය යටතේ අද (23) පැවති මූලික වටයේ තරගයකින් ඉරාක කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ දී ප්‍රංශය වෙනුවෙන් කයිලියන් එම්බැපේ තරගයේ 14 වැනි සහ 54 වැනි මිනිත්තුවලදී ගෝල දෙකක් වාර්තා කළ අතර, ප්‍රංශය වෙනුවෙන් රැස් කළ තුන්වන ගෝලය උස්මාන් ඩෙම්බේලේ, තරගයේ 66 වන මිනිත්තුවේ දී වාර්තා කළා.

ඉරාකය පරදා ලැබූ මෙම ජයත් සමඟ ‘I’ කාණ්ඩයෙන් සුපිරි 32 දෙනාගේ වටයට පිවිසීමේ වැඩි අවස්ථාවක් ප්‍රංශයට මේ වනවිට හිමිව ඇත්තේ එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51