රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහැරකට සහභාගී කරවීමට රැගෙනවිත් සිටි අලියෙකු සිදුකළ පහරදීමකින් ඇත්ගොව්වා සහ සහායකයා මිය ගොස් තිබෙනවා.
රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පැවැති 78 වන පොසොන් පෙරහැරට සහභාගී කරවීමට මෙම අලියා ගෙනවිත් සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (21) පැවැති පෙරහැරට රැගෙන ආ අලි දෙදෙනෙකු විහාරස්ථානය ආසන්නයේ බැඳ තිබී ඇති අතර, අද (22) උදෑසන එම අලියෙකුට ජලය ලබාදීම සඳහා ඇත්ගොව්වාගේ සහයකයා විසින් අලියා රක්වාන ගඟ දෙසට රැගෙන ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී අලියා කුපිත වී සහයකයාට පහරදී පාගා මරා දමා ඇති අතර, සහායකයාගේ කෑගැසීම ඇසී එම ස්ථානයට ගිය ඇත්ගොව්වාට ද අලියා පහර දී ඇති අතර, ඔහුද එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් පසු අලියා විහාරස්ථානය අසල කුඹුරු යායකට පැන ගොස් ඇති බවයි වාර්තා වුණේ.













