සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
බම්බලපිටිය පොලිස් වසමේ ඕෂන් ටවර් හිදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) මෙම වැටලීම සිදුකර තිබෙනවා.
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසයේ කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් සහ ගණිකා සේවය සඳහා රැඳී සිටි විදේශ ජාතික සැකකාරියන් තිදෙනෙකු ඇතුලු සැකකාරියන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් අවුරුදු 27, 35 හා 38 වයස්වල පසුවන ඇල්ලගාව, කළවාන හා ගල්ගමුව ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර විදේශ ජාතික සැකකාරියන් අවුරුදු 34, 41 හා 43 වයස වල පසුවන තායිලන්ත ජාතික කතුන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකාරියන් හයදෙනා බම්බලපිටිය පොලිසිය වෙත භාර දී ඇති අතර, එම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













