බුලත්සිංහල රෙදිපිළි අලෙවිසැලක් තුළ අබිරහස් මරණ දෙකක්

බුලත්සිංහල, ඈගල්ල පාර ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක් තුළ තිබී අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් ඊයේ (14) සොයාගෙන තිබෙනවා.

බුලත්සිංහල පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ මූලික විමර්ශනවලදී මෙම මෘත ශරීර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 61 හැවිරිදි සැමියායි.

මෙම යුවළ 2018 වසරේ සිට මෙම කඩ කාමරය කුලියට ගෙන පදිංචිව සිට ඇති අතර, පිරිමි පුද්ගලයා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙස රැකියාව කර ති‍බූ බවට තොරතුරු හෙළිව තිබෙනවා.

මියගිය කාන්තාව එම ගොඩනැගිල්ලේ බිම් මහලේ රෙදි කඩයක් පවත්වාගෙන ගොස් ඇති අතර, දින කිහිපයක සිට මෙම දෙදෙනා අතර අරවුල් ඇති කරගෙන තිබූ බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

දින කීපයක සිට මෙම නිවසේ විදුලි බුබුලු දැල්වෙමින් පැවති අතර දොර ඇතුළෙන් අගුළු දමා වසා තිබූ බවට හෙළිවුණා.

එහි සිටි යුවළ ද පෙනෙන්නට නොසිටීම හේතුවෙන් අවට පිරිස් විසින් බුලත්සිංහල පොලිස්ථානයට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, ඒ අනුව ‍ඊයේ රාත්‍රි 8.00 ට පමණ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් දොර කඩා ඇතුළු වී බැලීමේදී කාමරයේ බිම වැටී තිබූ මෙම සිරුරු දෙක සොයාගෙන තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න සෙවීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39