ඩෙල්ටා දැයි සැක, මාදිවෙල ආසාදිතයාගේ වැඩබිම සිදු වු දේ

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ යම් හඳුනාගැනීමක්  සිදුකළ බව කියන මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සේවය කළ කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයේ ඉදිකිරීම් බිමේ කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

මේ අතර, මෙරට සමාජයෙන් පළමු වරට ඩෙල්ටා ප්‍රභේදය වැළදුණු රෝගීන් 5 දෙනා පදිංචි   ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත් ආසාදිතයන් 15 දෙනාට වැළදී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය බවට තහවුරු වුණා.

මෙරට සමාජයෙන් පළමු වරට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් පස්දෙනෙකු හදුනා ගැනුණේ පසුගිය 17 වනදා දෙමටගොඩ ආරාමය ප්‍රදේශයෙන්. මේ වනවිට එම ප්‍රදේශය හුදෙකලා කර ඇති අතර, ප්‍රදේශයේ ජනතාවට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමද ආරම්භ කර තිබෙනවා.

අදාල ආසාදිතයින් වාර්තා වීමෙන් පසු එම ප්‍රදේශයෙන්ම තවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු පසුගිය දා සොයා ගැනුණා. කෙසේ වෙතත්, ඔවුන්ට වැළදී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.

එවන් පසුබිමක යම් ආසාමාන්‍යතාවක් පෙන්නුම් කරන සැක සහිත සාම්පලයක් පිළිබඳව මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් වාර්තාවීමත් සමඟ රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.

දැනට සිදුකරන අහඹු කොරෝනා පරීක්ෂණවලදී ආසාදිත බවට තහවුරු වන සාම්පල පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ඉන්දියාව මුහුණදුන් තත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු නොකරන්නේ නම් මෙරට තුළ එම ප්‍රභේදය පාලනය අපහසු වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?