ඩෙල්ටා දැයි සැක, මාදිවෙල ආසාදිතයාගේ වැඩබිම සිදු වු දේ

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ යම් හඳුනාගැනීමක්  සිදුකළ බව කියන මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සේවය කළ කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයේ ඉදිකිරීම් බිමේ කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

මේ අතර, මෙරට සමාජයෙන් පළමු වරට ඩෙල්ටා ප්‍රභේදය වැළදුණු රෝගීන් 5 දෙනා පදිංචි   ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත් ආසාදිතයන් 15 දෙනාට වැළදී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය බවට තහවුරු වුණා.

මෙරට සමාජයෙන් පළමු වරට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් පස්දෙනෙකු හදුනා ගැනුණේ පසුගිය 17 වනදා දෙමටගොඩ ආරාමය ප්‍රදේශයෙන්. මේ වනවිට එම ප්‍රදේශය හුදෙකලා කර ඇති අතර, ප්‍රදේශයේ ජනතාවට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමද ආරම්භ කර තිබෙනවා.

අදාල ආසාදිතයින් වාර්තා වීමෙන් පසු එම ප්‍රදේශයෙන්ම තවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු පසුගිය දා සොයා ගැනුණා. කෙසේ වෙතත්, ඔවුන්ට වැළදී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.

එවන් පසුබිමක යම් ආසාමාන්‍යතාවක් පෙන්නුම් කරන සැක සහිත සාම්පලයක් පිළිබඳව මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් වාර්තාවීමත් සමඟ රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.

දැනට සිදුකරන අහඹු කොරෝනා පරීක්ෂණවලදී ආසාදිත බවට තහවුරු වන සාම්පල පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ඉන්දියාව මුහුණදුන් තත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු නොකරන්නේ නම් මෙරට තුළ එම ප්‍රභේදය පාලනය අපහසු වනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15