ඉන්දියාවේ විස්සයි විස්ස ජාතික සංචිතය සඳහා 15 හැවිරිදි සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශි ඇතුළත් කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එමෙන්ම මේ වන තෙක් ඉද්නිය් විස්සයි විස්ස කණ්ඩායම නායකත්වය්දැරූ සුර්යකුමාර් යාදෙව් නායකත්වයෙන් ඉවත්කර, කණ්ඩායමේ නව නායකයා ලෙස ශෙයර්ස් අයියර්ව පත් කිරීමට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත හා අයර්ලන්ත සංචාරය සඳහා නම්කර තිබෙන සංචිතය සඳහා මෙම වෙනස්කම් සිදුකර ඇති අතර සංචිතයේ සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව පහතින්,
ශ්‍රෙයාස් අයියර් (නායක), අභිෂේක් ෂර්මා, සංජු සැම්සන්, ඉෂාන් කිෂාන්, ශිවම් ඩුබේ, තිලක් වර්මා (උපනායක), වෛභව් සූර්යවංශී, නිතිෂ් කුමාර් රෙඩ්ඩි, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, වරුන් චක්‍රවර්ති, රවී බිෂ්නෝයි, මොහොමඩ් සිරාජ්, හර්ෂිත් රානා, අර්ෂ්දීප් සිං, ප්‍රින්ස් යාදව්













