ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන WTI වර්ගයේ බොරතෙල් රැගත් නෞකාවක් මෑත ඉතිහාසයේ පළමුවරට ඊයේ (28) දිනයේ දිවයිනට පැමිණි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පවසනවා.
මෙම නෞකවම මඟින් WTI වර්ගයේ බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගෙන ආ බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.
මැදපෙරදිගින් පිට වෙනත් ස්ථානයකින් බොරතෙල් නෞකාවක් මිල දී ගත් පළමු අවස්ථාව මෙය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ සමඟ කලාප දෙකකින් ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයන කිරීම ආරම්භ කර ඇති බව සඳහන් කළ ඔහු, ශ්‍රී ලංකාවට බොරතෙල් හෝ පිරිපහදු කළ තෙල් ලබා ගැනීමට තිබූ බාධාව සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවයි සඳහන් කර සිටියේ.
ඒ, අනුව ලබන ජූලි මස අවසන් වන තුරු අවශ්‍ය ඉන්ධන සංචිත රට තුළ පවතින බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.













