එළඹෙන මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ලබන සඳුදා සාකච්ඡාවක් පවත්වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කරනවා.
ඒ, අනුව එළඹෙන සතිය තුළ දී ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධ තීරණය දැනුම්දීමට හැකි බවයි කළමනාකාර අධ්යක්ෂවරයා සඳහන් කර සිටියේ.
මේ අතර ඊයේ (28) දිනයේ දී බොරතෙල් මෙට්රික් ටොන් 89,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම සදාත නිවුස් කළ විමසීමක දී කළමනාකාර අධ්යක්ෂවරයා සඳහන් කර සිටියේ ලබන 31 වනදා දා බොරතෙල් මෙට්රික් ටොන් 95,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.
ඒ, අනුව ලබන ජූලි මාසය අවසන්වන තෙක් ප්රමාණවත් ඉන්ධන සංචිත රට තුළ පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.













