වෙසක් උත්සවය වෙනුවෙන් තම ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.
අලුත් අවුරුදු කාලසටහනට අනුව වෙසක් උත්සවය සඳහා බස් රථ ධාවනය වන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ.
ඒ, අනුව සියලුම පළාත් ආවරණය වන පරිදි කොළඹ කොටුවෙන් මෙම බස් රථ යොදවා තිබෙනවා.
මේ අතර වෙසක් කලාප කේන්ද්‍ර කර ගනිමින් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ද ප්‍රවාහන සේවා සංවිධානය ඇති බව සඳහන්.
එමෙන්ම වෙසක් උත්සවට අවසන්ව යළි ගම්බිම්වල සිට කොළඹ බලා පැමිණෙන ජනතාව සඳහා අමතර බස්රථ යෙදවීමට ද සැලසුම් කර ඇති බව ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියා.
මේ අතර වෙසක් උත්සවය සඳහා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ද ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.













