දිස්ත්‍රික්ක හතරකට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගල ජීවිතයක් අහිමිවෙයි – පවුල් 1,966කට පීඩා

පසුගිය දින දෙකේ දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් පුද්ගල මරණයක් වාර්තාවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් මෙම මරණය වාර්තා වන බවයි.

දියේ ගසාගෙන යාම හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයෙක්.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය රත්නපුර, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක හතරට බලපෑම් එල්ල කර තිබෙනවා.

එම දිස්ත්‍රික්ක හතරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක පවුල් 1,966ක් අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40