අග්‍රාමාත්‍යවරිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල මහලේකම්වරිය අතර හමුවක්

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල මහලේකම් ෂර්ලි අයෝර්කර් බොච්වේ අතර හමුවක් සිදුව තිබෙනවා.

ලන්ඩන් නුවර මාල්‍බරෝ මන්දිරයේ දී ඊයේ (21) මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් දේශගුණික විපර්යාස, දේශගුණික මූල්‍යකරණය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, කාන්තා දේශපාලන නියෝජනය සහ සාමාජික රටවල් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය විසින් ලබාදෙන සහයෝගය කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.

එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය විසින් දක්වන සහයෝගය අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී අගය කර ඇති අතර, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම, තිරසාර සංවර්ධනය සහ ඇතුළත් පාලනයසඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම මම මෙහිදී නැවතත් තහවුරු කළා.

මේ අතර තාක්ෂණික සහාය, මානව සම්පත ශක්තිමත් කිරීමේ වැඩසටහන් සහ දේශගුණික මූල්‍යකරණය හා මැතිවරණ පාලනය ඇතුළු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදීමට සූදානමින් සිටින බවයි මහලේකම්වරිය මෙහිදී පවසා ඇත්තේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය වැඩසටහන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගෙන ඇති අතර, ගෝලීය අභියෝගයන්ට මුහුණදීම සඳහා සාමාජික රාජ්‍යයන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?"ඔයා මෙතන පොර වෙන්න එපා"
02:41
Video thumbnail
අටමස්ථානාධිපතිට ඇප ලැබීම ගැන නීතිඥයෙක්ගෙන් අමුතු ප්‍රකාශයක්..ආගමට තියෙන විරෝදය මත පෙනී ඉන්න එපා
05:24
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30