පොලිස් අත්අඩංගුවෙන් මිදි පලාගිය සැකකරුවෙකුට වෙඩි තබා මෙල්ල කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන අද (18) අලුයම රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.
අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) රාත්‍රියේ අම්පාර, කොටවෙහෙර ප්‍රදේශයේ නීති විරෝධිධී මත්පැන් වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේ එම සැකකරු නිලධාරීන්ට පහර දී ඇති අතර, එහිදී එක් එස්.ටී.එෆ් නිලධාරියෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු ද එහිදී තුවාල ලබා ඇති අතර, ඔහුව අම්පාර මහ රෝහලේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කිරීමටයි පසුව කටයුතු කර ඇත්තේ.
එම අවස්ථාවේ දී ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී රෝහලෙන් පලාගොස් ඇති අතර, අනතුරුව පොලිස් නිලධාරීන් සැකකරුව සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
එම මෙහෙයුමේ දී සැඟව සිටි සැකකරු අල්ලා ගැනීමට පොලිසියට හැකිව ඇති අතර, එහිදී සැකකරු එම පොලිස් නිලධාරීන්ට ද පහර දී පලායාමටයි උත්සාහ කර ඇත්තේ.
සැකකරු එලෙස පලායාමට උත්සාහ කිරීමේ දී පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, වෙඩි ප්‍රහාරය සැකකරුගේ වම් පාදයට වැදී ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි වැදුණු සැකකරු සහ සැකකරුගේ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක් ද අම්පාර රෝහල වෙත ප්‍රතිකාර සඳහා අද (18) අලුයම ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ගතකළ සැකකරු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.













