එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ චෙන්නායිවල දී සිදුවූ මූල්‍ය අක්‍රමිකතා ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ආයතනයකට සිදුකළ මුදල් ගෙවීම සහ සමාගමේ චෙන්නායි කාර්යාලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පළවන වාර්තාවන් ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසන්නේ, ඩුබායි හි පිහිටි සේවා සපයන ආයතනයක නිල ඊමේල් ගිණුම තෙවන පාර්ශවයක් විසින් වෙනස් කර ඇති බවයි.

ඒ අනුව වංචනික ඊමේල් පණිවිඩ මඟින් ලබාදුන් බැංකු ගිණුම් තොරතුරු මත, ශ්‍රීලංකන් ගුවන් සමාගම ඩිරාම් 974,000ක මුදලක් වැරදි ගිණුමකට බැරකර ඇති බව අදාළ නිවේදනය මඟින් පිළිගෙන තිබෙනවා.

මෙම වංචාව හඳුනාගත් වහාම එම ගිණුමට තවදුරටත් මුදල් ප්‍රේෂණය කිරීම අත්හිටුවීමට පියවර ගත් බවත්, මේ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසන්නේ.

නිල අත්සන් සහිතව, නිවැරදි සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ ලැබුණු උපදෙස් මත මෙම ගෙවීම සිදුකර ඇති බවත්, සේවා සපයන්නාගේ විද්‍යුත් තැපැල් පද්ධතිය අවභාවිත වීම ශ්‍රීලංකන් සමාගමේ පාලනයෙන් බැහැරව සිදුවූවක් බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ, හේතුවෙන් ඔවුන්ට මුදල් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම කිසිදු වගකීමක් බාර නොගන්නා බවත් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ චෙන්නායි කාර්යාලයේ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ද මෙම නිවේදනයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සමාගම දන්වා සිටියේ එහි මුදල් අංශයේ සේවයකළ ඉන්දීය සේවකයින් පිරිසක් අදාළ වංචාව සිදුකර ඇත බවයි.

ඔවුන් විසින් ව්‍යාපාරික ඉන්වොයිස් අත්සන් සහ ගෙවීම් තොරතුරු ව්‍යාජ ලෙස වෙනස් කර කාලයක සිට ඉන්දීය රුපියල් මිලියන 22ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වූ බව එහි දැක්වෙනවා.

සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකදී සැකකටයුතු ගනුදෙනු කිහිපයක්ම හඳුනාගැනීමට හැකිවූ බවත්, විමර්ශන ආරම්භ කිරීමෙන් පසු අදාළ සේවකයින් සේවයට වාර්තා කිරීම මේ වනවිට මඟ හැර ඇති බවත් නිවේදනයේ සඳහන්.

මේ පිළිබඳව ඉන්දීය බලධාරීන්ට දැනුම් දුන් බවත්, සිදුවූ මූල්‍ය අලාභය අයකර ගැනීමට සහ නීතිමය පියවර ගැනීමට කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසනවා.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන හොල්ලන්න ලෑස්ති වෙන අන්තරේ සෙට් එක
01:06
Video thumbnail
සනත් නිශාන්තගේ අඩුව පුරවන බිරිඳ
01:53
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14