Update – කපිල චන්ද්‍රසේනගේ දේහය පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන යයි

සියදිවි හානිකරගෙන නිවසක් තුළ දී මියගොස් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ දේහය පොලිස් මෘත ශරීරාගාරය වෙත අද (08) දහවල් රැගෙන ගොස් තිබෙනවා.

කොල්ලුපිටිය පේද්‍රිස් මාවත අංක 37 නිවසේ දොරක එල්ලෙමින් තිබිය දී ඔහුගේ මෘත ශරීරය අද (08) උදෑසන සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව මෙලෙස දේම දේහය පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ උපදෙස්මත ක්‍රියාත්මක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43