ඉන්දීය විස්සයි විස්ස නායකත්වයෙන් සූර්යකුමාර් ඉවත් කිරීමේ සූදානමක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් විස්සයි විස්ස නායකත්ව වෙනසක් සිදුකිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ඉන්දීය විස්සයි විස්ස කණ්ඩයමේ නායකත්වය දරණ සූර්යකුමාර් යාදව් වෙනුවට නායකත්වයට ශ්‍රෙයාස් අයියර් පත් කිරීමට සූදානම් බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

සූර්යකුමාර් යාදව් 2026 විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දියාව මෙහෙයවුවද, මේ වනවිට ක්‍රියාත්මක අයි.පී.එල් තරගාවලිය තුළ දී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරමින් ශ්‍රෙයාස් අයියර් දක්වා ඇති දක්ෂතා මත ඔහුව නායකත්වයට පත් කිරීමට අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන් යුත් තේරීම් කමිටුව සලකා බලමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර රෝහිත් ෂර්මා විශ්‍රාම ගැනීමෙන් පසු ඉන්දීය නායකයා ලෙස පත්වීමෙන් පසු සූර්යකුමාර් තවමත් එකදු විස්සයි විස්ස තරගාවලියක්වත් පරාජය වී නොමැති අතර, ශ්‍රෙයාස් වසර දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර නැහැ.

මේ අතර අයි.පී .එල් තරඟාවලියෙන් පසු අයර්ලන්තයේ සහ එංගලන්තයේ සංචාරයන් සඳහා ඉන්දියාවේ විස්සයි විස්ස සංචිතයට නවක තරුණ ක්‍රීඩකයින් එක්කරගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12