AFC Banner
Empty Ad
Empty Ad

දුරකතනයෙන් “දැන් සැප ද?” කියා ඇසූ පුද්ගලයෙකුට සිදු දේ

රක්ෂිත බන්ධනාගාරව ගතව සිට පැමිණි මොරටුව නගරාධිපතිවරයාට ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙකු මොරටුමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නගරාධිපතිවරයා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා විසින් නගරාධිපතිවරයාට ඇමතුමක් ගෙන “දැන් සැපදැයි” යනුවෙන් අසා ඇති බව සඳහන්.

පැමිණිල්ලට අනුව මොරටුමුල්ල පොලීසිය මෙම දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පිළිබඳව දුරකථන වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඒ අනුව කළ විමර්ශනවලින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට පත් ඔහු මීට පෙර ද නගරාධිපතිවරයා සමඟ ආරවුලක් ඇති කරගත් පුද්ගලයෙකු බවයි අප වාර්තාකරු කියා සිටියේ.

එම නඩුව මේ වනවිට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබීමත් විශේෂත්වයක්.

නඩුව විභාග වන බැවින් කිසිදු අයුරකින් නගරාධිපතිවරයා හට තර්ජනයක් සිදු නොකළ යුතු බව ද අධිකරණය සැකකරුට නියෝග කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?